තරබාරුකම

ක්‍රියාශීලීබව අඩුවීම සහ අධික ලෙස ආහාර අනුභවය සාමාන්‍යයෙන් තරබාරුකමට හේතු වේ.

කැලරි

ආහාර වල ශක්තිය කැලරි ඒකක වලින් මනිනු ලැබේ. සෞඛ්‍ය සම්පන්න ශරීර බරක් පවත්වාගෙන යාම සඳහා සාමාන්‍ය ක්‍රියාශීලී පිරිමි පුද්ගලයකුට කැලරි 2,500 සහ සාමාන්‍ය ක්‍රියාශීලී කාන්තාවකට කැලරි 2,000 ක් ද අවශ්‍ය වේ. මෙම ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් ලෙස පෙනුනත්, ඇතැම් ආහාර වර්ග මගින් ඉතා පහසුවෙන්ම මෙම ඉලක්කය සපුරාගත හැක. උදාහරණයක් ලෙස, ලොකු හැම්බර්ගර් එකක්, බැදපු අල පෙති සහ එක මිල්ක් ශේක් එකකින් කැලරි 1,500ක් ලබා ගත හැකි මෙන්ම එය එක කෑම වේලක් පමණි. තවත් ගැටලුවක් නම්, බොහෝ පුද්ගලයන් ක්‍රියාශීලී නොවීමයි, එම නිසා ඔවුන් පරිභෝජනයට ගන්නා කැලරි වලින් බොහෝ ප්‍රමානයක් ශරීරයේ මේදය ලෙස තැන්පත් වේ.

දුර්වල අහාර රටාව

තරබාරු බව එක් රැයකින් සිදු නොවේ. එය දුර්වල ආහාර රටාව නිසා මෙන්ම ජිවන රටාවේ තෝරාගැනීම වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් කාලානුරූපව සිදු වන්නකි. ඒවා නම්:

  • පෙර සකස් කරන ලද අහාර හෝ ක්ෂණික ආහාර විශාල වශයෙන් අහාරයට ගැනීම - මේවායේ අධික සීනි සහ අධික මේදය අඩංගුය
  • අධික ලෙස මත්පැන් භාවිතය ඇල්කොහොල්-ඇල්කොහොල් වල බොහෝ කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වන අතර අධික ලෙස ඇල්කොහොල් භාවිතා කරනා අය බොහෝ විට තරබාරු පුද්ගලයන් වේ
  • වැඩි වශයෙන් ආහාර ගැනීම - ඔබ ආපනශාලාවකදී ආහාර ගැනීමේදී ආරම්භක කෙටි වේලක් හෝ අතුරුපස සදහා පෙළඹීය හැක, නමුත් එම අහාර වල අධික සීනි සහ අධික මේදය අඩංගු විය හැක.
  • ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම - ඔබේ මිතුරන් හා ඥාතීන් විශාල ප්‍රමාණයේ ආහාර වේල් ගනී නම් ඔබද එසේ කිරීමට පෙළඹීය හැක
  • වැඩි වශයෙන් පැණි බීම පරිභෝජනය - මීට සිසිල් බීම සහ පලතුරු බීම අයත් වේ
  • සුව පහසුව සඳහා ආහාර ගැනීම - ඔබගේ ආත්ම අභිමානය අඩු නම් හෝ විෂාදය ලක්ෂණ පෙන්වයි නම්, ඔබට පහසුවක් දැනීම වෙනුවෙන් ආහාර ගත හැක

සෞඛ්‍යට අහිතකර ආහාර පුරුදු පවුලේ පුරුදු වශයෙන් තිබීමට නැඹුරුවක් දක්වයි. ඔබ තරුණ වියේදී ඔබේ දෙමාපියන්ගෙන් නරක ආහාර පුරුදු ඉගෙන ගෙන ඒවා වැඩිහිටි වියට ගෙනයා හැකිය.

ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම

ප්‍රමාණවත් ලෙස ශරීර ක්‍රියාකාරමක් නොලැබීම ස්ථූලතාවය සම්බන්ධ තවත් වැදගත් කරුණකි. බොහෝ පුද්ගලයන්ට ඇති රැකියාවන්හි දී දවසේ වැඩි කාලයක් මේසයක් ලග ඉඳගෙන සිටීමට සිදු වේ. එමෙන්ම ඔවුන් ඇවිදීම හෝ පාපැදි භාවිතයට වඩා මෝටර් රථ භාවීතය සඳහා යොමු වෙයි. සැහැල්ලු වීම සඳහා බොහෝ පුද්ගලයන් රූපවාහිනී නැරඹීම, අන්තර්ජාලයේ සැරිසැරීම හෝ පරිඝණක ක්‍රීඩා වල යෙදීමට නැඹුරු වන අතර ව්‍යායාම වල යෙදීම ඉතාමත් කළාතුරකින් සිදු කරයි. ඔබ ප්‍රමාණවත් ලෙස ක්‍රියාශීලී නොමැති නම්, ඔබ ගන්නා ආහාර මගින් සපයන ශක්තිය ඔබ භාවිතා නොකරන අතර, ඔබ පරිභෝජනය කරන අමතර ශක්තිය ශරීරය මේදය ලෙස ගබඩා කරයි. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ වැඩිහිටියන් සෑම සතියකම අවම වශයෙන් මිනිත්තු 150 ක් පාපැදි පැදීම හෝ වේගයෙන් ඇවිදීම වැනි මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් යුත් ක්‍රියාකාරකම් සිදු කරන ලෙසයි. මෙය එකම සැසියකදී සිදු කිරීමට අවශ්‍ය නොවන නමුත් කුඩා කාල පරිච්ඡේදවලට බෙදා සිදු කල හැකිය. උදාහරණයක් ලෙස, ඔබට දිනකට මිනිත්තු 30 ක් බැගින් සතියේ දින 5 ක් ව්‍යායාම කළ හැකිය. ඔබ අධික ලෙස තරබාරු නම් සහ බර අඩු කර ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබට මීට වඩා ව්‍යායාම කිරීමට අවශ්‍ය විය හැකිය. සෙමින් ආරම්භ කිරීමට සහ සෑම සතියකම ඔබ කරන ව්‍යායාම ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කිරීම උපකාරී විය හැකිය.

ජාන විද්‍යාව

සමහර අය කියා සිටින්නේ “එය මගේ පවුල තුළ ක්‍රියාත්මක වන” හෝ “එය මගේ ජානවල” ඇති නිසා බර අඩු කර ගැනීමට උත්සාහ කිරීමෙන් පලක් නැති බවයි. ප්‍රාඩර්-විලි සින්ඩ්‍රෝම් වැනි තරබාරුකමට හේතු විය හැකි දුර්ලභ ජානමය තත්වයන් ඇති නමුත්, බොහෝ දෙනෙකුට බර අඩු කර ගැනීමට නොහැකි වීමට හේතුවක් නැත. ඔබේ දෙමව්පියන්ගෙන් උරුම වූ ඇතැම් ජානමය ගති ලක්ෂණ වන - විශාල ආහාර රුචිය වැනි - කරුණු නිසා අඩු කර ගැනීම වඩාත් අපහසු විය හැකි බව සත්‍යයක් විය හැකි නමුත් නිසැකවම එය කළ නොහැක්කක් නොවේ. බොහෝ අවස්ථාවලදී තරබාරුකම ළමා කාලයේ ඉගෙන ගත් දුර්වල ආහාර පුරුදු වැනි පාරිසරික සාධක සමඟ සම්බන්ධ වේ.

රෝග තත්වයන් හේතු වන අවස්ථා

සමහර අවස්ථාවල, රෝග තත්වයන් බර වැඩිවීමට දායක විය හැකිය. මේවාට ඇතුළත් වන්නේ:

කෙසේ වෙතත්, මෙවැනි තත්වයන් නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කරනු ලැබුවහොත් බර අඩු කර ගැනීමට බාධාවක් නොවිය යුතුය. කෝටිකොස්ටෙරොයිඩ් (corticosteroids) , ඇතුලත් වන අපස්මාරය සහ දියවැඩියාව සඳහා භාවිතා කරන ඖෂධ, සහ මානසික රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන සමහර ඖෂධ වන (antidepressants-විෂාදනාශක ඖෂධ) සහ භින්නෝන්මාද සඳහා භාවිතා කරන ඖෂධ - බර වැඩිවීමට දායක විය හැකිය. බර වැඩිවීම සමහර විට දුම්පානය නැවැත්වීමේ අතුරු ආබාධයක් විය හැකිය.